මිරිස්වත්ත මංසන්ධියේ ගම්පහ කොළඹ පාරේ පිහිටි මෙම විද්‍යාලය ස්ථානීය පිහිටීම අනුව දෙපැත්තක පිහිටා ඇත. ප්‍රාථමික අංශය, පල්ලි භූමියේ පාරේ දකුණු පසින් හා ද්විතීයික අංශය පාරේ වම් පසින් ද පිහිටා ඇත. ප්‍රාථමික අංශය, පල්ලි භූමියේ 1-5 දක්වා සමාන්තර ශ්‍රේණි තුන බැගින් පන්ති පහළොවක් සහ විශේෂ ඒකකයකින් සමන්විත වේ. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
අනාගත අභියෝග වලට මුහුණ දිය හැකි සාරධර්මයන් අගයන නිපුණතා පරිපූර්ණ මානවහිතවාදී ආදර්ශවත් සිසු දරුදැරියන් බිහි කිරීම.
මනා පෞරුෂයකින් යුත් නිර්මාණශීලී පිරිපුන් සිසු පරපුරක් බිහි කිරීම.