හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය

JPEGimage3.jpeg
w2.jpeg
JPEGimage2.jpeg
scl5copy.jpeg
scl6copy.jpeg

සිංහල ජාතියට උදම් ඇනීමට තරම් ඉතිහාසයක් ද මානව සංහතියෙ පරිණාමයට ඉතිහාසයක් ඇත්තාමසේම ගම්/ හෙනරත්ගොඩ කැප්පෙටිපොල මහා විදුහලට වසරපනහකට වැඩි ඉතිහාසයකට උරුම කම් කියයි. සිංහල ජාතිය  පරාධීනව සිටි යුගයක ජාතියට ජිවය වු ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ වීරයනට ප්‍රණාමය දක්වනු වස් මෙම පාසලට ‘කැප්පෙටිපොළ’ යන නාමය ලැබී ඇත.

             “ හෙනරත්ගොඩ බාලාභිවෘද්ධි සංගමය” නම් සමිතියක් විසින් හෙනරත්ගොඩ විසු ජී.ඇල් ද සේරම් මහතා පරිත්‍යාග කරන ලද වර්තමාන මිරිස්වත්ත මංසන්දිය නුදුරෙන් වූ ගොඩපරගහවත්ත නමින් වූ ඉඩමේ තාවකාලික ගොඩනැගිල්ලක් 1940 මැයි 18 වැනිදා මෙම විදුහල ආරම්භ කර ඇත. නිදහස් අද්‍යාපනයේ පියා වශයෙන්  හදුන්වන එවකට ගරු අධ්‍යාපන ඇමැතිව සිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නගර මැතිතුමා 1940 අගෝස්තු මස 21වැනිදා මෙම පාසලට පැමිණ පැවැත්වූ රැස්විමෙන් අනතුරුව 1940 නොවෙම්බර් මස 01 මෙම පාසල රජයට පවරාගෙන “හෙනරත්ගොඩ ආණ්ඩුවේ මිශ්‍ර පාඨමාලාව” යනුවෙන් නම් කෙරෙණි.මෙසේ මෙම විදුහලේ ආරම්භය සදහා හංසගිරි පාරේ කේ.ඒ.ඇම්.පෙරේරා මහතා  ප්‍රමුඛ ප්‍රදේශ‍වාසි පිරිසකගේ නොමසුරු සහයෝගය ලැබී ඇත. ආරම්භයේදී සිසුන් 123 දෙනෙකු හා ගුරු මණ්ඩලය 5 දෙනෙකුගෙන් සමන්විත විය . මුල් යුගයේදී දිර්ඝ කාලයක් විදුහල්පතිවරුන් ලෙස සේවය කල අභාවාප්‍රාප්ත  ඩි.ඇස්.පි.අබේවර්ධන මහතාගෙන් හා ඩි.ආර්.රණවර මහත්මාගෙන් අගනා සේවයක් ඉටු වී ඇත.

           මේ යුගය වනවිට පාසලට නුදුරින් මාර්ගයේ අනිත් පස  මිරිස්වත්ත රෝමානු කතෝලික දේවස්ථානයට ඒකාබද්දව දීර්ඝ ඉතිහාසයක් ඇති “ මිරිස්වත්ත රෝමානු කතෝලික මිශ්‍ර පාසල” නම් වූ විදුහල විය .  එම විදුහල 1962 ජනවාරි මස 15 දින රජයට පවරා ගන්නා ලදුව මිරිස්වත්ත රජයේ මිශ්‍ර පාසල යනුවෙන් නම් කෙරිණි. 1963.01.01 වන දින හෙනරත්ගොඩ ආණ්ඩුවේ මිශ්‍ර පාටශාලාව හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහාවිදයාලය නමින් මහා විද්‍යාලයක් බවට පත්වූයෙන් විදුහල්පති ධුරයට ගම්පහ ප්‍රදේශ‍ෙය් කීර්තිමත් ගුරු පියෙකු වූ අභාවප්‍රාප්ත ජී.ජේ.පැට්‍රරික් දබරේරා මහතා පත්වීය.[ඒ මහතා කලින් මිරිසවත්ත රජයේ මිශ්‍ර (රෝ.ක) පාටශාලාවේ විදුහල්පති ලෙස දීර්ඝ කාලයක් සේවය කරඇත. ] දබරේරා මහතාගෙ යුගය මෙම විදුහලේ නවෝත්තතියක් ඇති වූ කාලපරිච්ඡේදයක් බව සදහන් කළ යුතුය.

පිළිවෙලින් ඩී.ආර්.රණවීර , ඒ.ඩී.ආර්.ජයසූරිය,ඇම.එස්.පෙරේරා යන මහතාගේ අගනා විදුහල්පති සේවයේ පාලනය වූ මිරිස්වත්තේ මිශ්‍ර පාසල 1975.01.01 දින සිට හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයට ඒකාබද්ධ කරන ලදී. ජී.ජේ.පැට්රික් දබරේරා මහතාගෙන් පසුව පැමිණි විදුහල්පතිවරුන් වූ සී.එන්.රාජපක්ෂ විශ්‍රාමික විදුහල්පති ඩී.කේ.රාජපක්ෂ , ඩී.ඒ.බාලසූරිය යන මහතුන්ගේ මෙම විදුහලට  නොමැකෙන සේවයක් ඉටු වී ඇත.

ඉන්පසු 1982 සිට 1987 දක්වා විදුහලේ සේවය කල විශ්‍රාමික විදුහල්පති එල්.දයාවංශ මහතාගේ යුගයේදී විද්‍යාලය කැපී පෙනෙන තත්වයට පත් විය. විදුහල්පති එල්. අතර පෙරේරා මයා, විශ්‍රාමික විදුහල්පති සී. ජයසිංහ මයා යන මහතුන්ගෙන් මෙම විදුහලට නොමැකෙන සේවයක් ඉටු වී ඇත. එලෙසම බි.පි. විතානගේ මෙනවිය වසර 3 පමණ කාලයක් විදුහලට කල අමිල සේවයද මෙහිදී සිහි ගන්වමු.

ආරම්භ කළ වර්ෂය

1940 මැයි 18

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

125

මුල් ගුරුතුමාගේ නම

බ්‍රම්පි අප්පුහාමි මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බප/ගම්/හෙනරත්ගොඩ කැප්පෙටිපොළ

මහා විද්‍යාලය 

පාසල භාරව කටයුතු කිරීම

ජේ.ජී.පැට්‍රික් දබරේරා 

පාසල රජයට පවරාගත් දිනය

1962 ජනවාරි 15

පාසල පැවැත්වූ ස්ථානය

හෙනරත්ගොඩ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින