- සියලුම ශිෂ්‍යාවන් පෙ.ව 7.25 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- පන්ති හා ඒ අවට පිරිසිදු කිරීම් කටයුතු පෙ.ව 7.25 පෙර අවසන් කල යුතුය.
- උදැසන පාසැල ආරම්බ කිරීමේදී ,සුදානම් වීම ,පන්තිය තුලනිශ්ශබ්දතාවය රකිම හා ගාථා සජ්ජායනය සදහා සීනුව නාද කරන විට එම විදානයට අවනත විය යුතුය.
- පාසැල අරම්බයදී මෙන්ම අවසානයේ දී නියමිත පරිදි සිනුවට අවනතව නිශ්ශාබ්දතාවය පවත්වා ගත යුතුය. ඒම විදානය කඩ කිරීමට ද දඩුවම් ලැබීමට හේතුවේ.
- ප්‍රමාද වී පැමිණෙන විට ශිෂ්‍යනායක / නායිකාවන් විසින් ප්‍රමාදය සටහන් කරන අතර එය පන්තිබාර ගුරුබවතුන් පෙන්වා අත්සන් ගත යුතුය.
- උදෑසන රැස්වීම පාසලේ පැවැත්වීම ඉතාම වැදගත් රැස්වීමකි. රැස්වීමට පැමිණෙද්ත් , අවසන්ව යාමේදීත් පේලියට යා යුතුය.
- පන්තියෙන් බැහැරව යාමේදීත් බැහැර යාමේ අවසර පත්‍රය තිබිය යුතුය.
- පන්තියේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන අවස්ථාවලදී කිසිදුහේතුවක් මත බැහැර යාමට අවසර නැත.
- කාර්යාලයට පැමිණිය හැක්කේ අත්‍යවශ්‍ය කාරණයේදී පමණි.
- පන්තියෙන් බැහැරව යාමේදී හැම විටම ශිෂ්‍යය / ශිෂ්‍යාවන් පේලියක් ලෙස ගමන් කල යුතුය
- සැමවිටම පන්ති කාමරය තුලදී සහෝදර ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සමග සුහදව , එකමුතුව සිටිය යුතු අතර පන්තිය තුල නිශ්ශබ්ද තාවය පවත්වා ගැනීම අනිවාර්යවේ.
- සියලුම ශිෂ්‍යය , ශිෂ්‍යාවන් පන්ති නායක / නායිකාවන්, ශ්‍රේණි නායක /නායිකාවන් හා විෂය නායක නායිකාවන් අවනතව කටයුතු කරමින් ඔවුනට සහයෝග දැක්වීම යුතුය.
- විවේක කාලය තුල තම පන්නති කාමරයේ සිට ආහාර ගැනීම කලයුතු අතර අනවශ්ය පරිදි වෙනත් පන්ති කාමරවල ගැවසීම සදහා අවසර නැත.
- සියලුම ශිෂ්‍ය / ශිෂ්‍යාවන් කෑම රැගෙන ඒමේදී කෑම පෙට්ටිය බාවිත කල යුතුය. පාසල තුලට පොලිතින් රැගෙන එම සපුරා තහනම්ය.
- විවේක කාලය අවසන් වී සීනුව නාද කිරීමෙන් පසු පරිසර ගීතය වාදනය වන අතරතුර තම පන්ති කාමරය හා අවට පිරිසිදු කිරීමේ කටයුතු වල යෙදීම අනිවාර්ය වේ.
- පාසල් අවසන් වූ විටද ගතා කීමෙන් පසු ශිෂ්‍ය නායක / නායිකාවන්ට අවනතව පේලි වශයෙන් බැහැර විය යුතුය.
- පාසල් පරිපාලනයේදී ශිෂ්‍ය නායක / නායිකාවන් යොදවා ඇති විට සෑම ශිෂ්‍යය / ශිෂ්‍යවක්ම විද්‍යාලිය ශිෂ්‍ය නායක / නායිකාවන්ගේ අණට කීකරු විය යුතුය.









